1) කෘෂි කාළගුණික ඒකකයක උපකරණ ස්ථාපනය කිරීම පිළිබඳ පහත දක්වා ඇති ප්‍රකාශ ඇසුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. a) වර්ෂාමානය පොළව මට්ටමේ සිට සෙනටිමිටර 30ක් උසින් පිහිටන සේ ස්ථානගත කරයුතුය. b) සූර්ය දීප්ත මානය පොළව මට්ටමේ සිට මීටර 1.5 උසින් උතුරු - දකුණු දිශාවට අනුකූලව ස්ථානගත කල යුතුය. c) වාෂ්පීකරණ තැටිය තුල සෙන්ටිමීටර 15ක් උසට ජලය පුරවා තැබිය යුතුය d) අනිල මානය පෙළව මට්ටමේ සිට මීටර 1.2 උසින් පිහිටන සේ සවි කල යුතුය. e) උෂ්ණත්වය මනින සියලු උපකරණ , ස්ටීවන්සන් ආවරණය තුල සවි කල යුතුය. 2) පහත දී ඇති ශාක පෝෂක මූලද්‍රවය අතරින් පසෙන් ලබාගන්නා අත්‍යාව්‍යශ , සචල මූලද්‍රවෆ පමණක් ඇතුලත් පිළිතුර තෝරන්න. a) නයිට්‍රජන්, පොස්පරස්, බෝරොන් හා කැල්සියම් b) කාබන් , නයිට්‍රජන්, සින්ක් හා මැගනීසියම් c) නයිට්‍රජන්, මැග්නීසියම්, පොටෑසියම් හා පොස්පරස් d) මැග්නීසියම්, සින්ක්, බෝරෝන් හා කොපර් e) ඔක්සිජන්, මැග්නීසියම්, පොස්පරස් හා නයිට්‍රජන් 3) බෝගයක ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය 40 mm වේ. බෝගයේ උපරිම බෝග අවශ්‍යතාවය දිනකර 5 mmක් වේ. ජලසම්පාදන කාලාන්තරය ගණනය කරන්න. a) දින 4 කි b) දින 08 කි c) දින 12 කි d) දින 6 කි e) දින 10 කි 4) ශාක ප්‍රචාරණයේ දි සරල සූර්ය ප්‍රචාරක බහුලව භාවිතා කිරිමේ ප්‍රධාන අරමුණ වන්නේ. a) පැල දැඩිකර ගැනිමටය b) බීජ පහසුවෙන් ප්‍රරෝහණය කිරීමට ය c) පැලවල පශ්චාත් සාත්තු කිරීමේ පහසුවට ය d) පළිබොධ හා රොගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කරීමටය e) අතු කැබලි මුලු අද්දවා ගැනීම වේගවත් කිරිමටය 5) පාසල් ගෙවත්තේ වූ කරවිල වැලක ශාක පත්‍ර වල නාරටි ඉතිරි කර කා දැමීම නිසා එම පත්‍ර දැලක් ස්වරූපයෙන් දිස් විය. මෙම හානිය සිදුකරන පළිබොධකයා a) එපිලැක්නා කුරුමිණියා b) පැල මැක්කාය c) පිටි මකුණාය d) කූඩිත්තාය e) ඉල් මැස්සාය 6) කුකුලාගේ ආහාර ජීරණ පද්ධතියේ යාන්ත්‍රික ජීරණය සිදුවන්නේ a) වටනයේ දීය b) කුඩා අන්ත්‍රයේදි ය c) මහා අන්ත්‍රයේ දීය d) ගොජුරේ දී ය e) පූර්ව ආමාශයේ දී ය 7) පටක රෝපණ මාධ්‍යක අඩංගු සංඝටක හා එයට අදාල නිදසුන නිවැරදිව ගලපා ඇති වරණය තෝරන්න. a) අකාබනික පෝෂක - ඇස්කෝබික් අම්ලය b) ඝනීකාරක - සිලිකා ජෙල් c) ආකලන ද්‍රව්‍ය - ඇබ්සිසික් අම්ලය d) වර්ධක යාමක - ඔක්සීන් e) කාබනික ද්‍රව්‍ය - මැග්නීසියම් සල්පේට් 8) රූපයේ දැක්වෙන බිම් සැකසීමේ උපකරණය වන්නේ  a) තැටි නගුල b) මෝල්බෝඩ් නගුල c) තැටි පෝරුව d) හැඩලෑලි නගුල e) ජපන් පරිවර්තක නගුල 9) බෝග වල පසු අස්වනු හානි අවම කිරීම සඳහා පරිණත ඵල ඉදීමට පෙර හා ඉදීමට පසු නෙලීමට සුදුසු පලතුරු බෝග දෙකක් වන්නේ පිළිවෙලින් a) මිදි හා ස්ට්‍රෝබෙරි ය b) අඹ හා මිදි ය c) අන්නාසි හා අලිපේර ය d) කෙසල් හා ඇපල් ය e) ඇපල් හා පෙයාස් ය 10) සත්වපෝෂණයේ දී බහුලව යොදාගන්නා ගෝචර තෘණ වර් ගයකි a) stylosanthus gracilis b) Bracharia brizantha c) Pennisetum spp d) Gliricidia spp e) Panicum maximum

Tauler de classificació

Estil visual

Opcions

Canvia de fonament

Restaurar desada automàtica: ?