1) ජීවින් තුල සංචිතව ඇති අහාර මත ඔක්සිජන් ක්‍රියා කර ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය, a) වර්ධනය b) ප්‍රජනනය c) ශ්වසනය d) පෝෂණය 2) ද්‍රව්‍යයක් මිටියකින් තැලුවිට කුඩු නොවී තහඩු බවට පත්වීම, a) භංගුරතාව b) ආහන්‍යතාව c) දෘඩතාව d) තන්‍යතාව 3) වැඩි ලවණ ප්‍රමාණයක් දියවී ඇත්තේ, a) කිවුල් දිය b) කරදිය c) මිරිදිය d) බොරදිය 4) අදීප්ත වස්තුවකි a) සුර්යයා b) දැල්වූ ඉටිපන්දම c) චන්ද්‍රයා d) කණාමැදිරියා 5) කාබන්ඩයොක්සයිඩ් වායුව, a) ජිවින්ගේ ශ්වසනයට අවශ්‍ය වේ. b) ද්‍රව්‍ය දහනයට අවශ්‍ය වේ. c) අවර්ණ හුණු දියර කිරි පැහැ කරයි. d) ප්‍රභාසංස්ලේෂණයේදී නිපදවයි. 6) ද්විතියික කෝෂයකි, a) කාර් බැටරි b) වියලි කෝෂ c) සූර්ය පැනල d) ඔරලෝසු බැටරි 7) චුම්භක ගුණ වැඩියෙන් පවතින්නේ, a) උත්තර ධ්‍රැවයේ b) දක්ෂිණ ධ්‍රැවයේ c) ධ්‍රැව දෙකෙහිම d) චුම්භකයේ මැද 8) ශාක වල පමණක් දැකිය හැකි ජීවි ලක්ෂණයක් වන්නේ, a) වර්ධනය b) ප්‍රභාසංස්ලේෂණය c) ශ්වසනය d) සංචරණය 9) සරල කෝෂයක් තැනීමට යොදා නොගන්නා ද්‍රව්‍යයකි. a) තඹ තහඩුව b) සින්ක් තහඩුව c) සල්ෆියුරික් අම්ලය d) කාබන් කූර 10) අපට පරිභෝජනයට ගත හැකි ජල ප්‍රමාණය a) 0.1% b) 0.2% c) 0.01% d) 1% 11) විදුලිය නිපදවීමට ශ්‍රී ලංකාවට වඩාත් සුදුසු ශක්ති ප්‍රභව,  a) ජල විදුලිය, න්‍යෂ්ටික බලය b) ජල විදුලිය, සුළං බලය c) උදම් රළ, සූර්ය ශක්තිය d) සූර්ය ශක්තිය, භූ තාපය 12) ගොක් කොළ නලාවක ශබ්ධය නිපදවන ආකාරයට සමාන ක්‍රමයට ශබ්ධය නිපදවන්නේ, a) b) c) d) 13) ක්ෂුද්‍ර ජීවින් නිරීක්ෂණයට යොදා ගත හැකි උපකරණය a) උෂ්ණත්වමානය b) සංයුක්ත අන්වීක්ෂය c) දුරේක්ෂය d) අත්කාච  14) මෙම පරිපථ සංකේතයෙන් දක්වන්නේ, a) ඇමිටරය b) ගැල්වනොමිටරය c) වියළිකෝෂය d) ස්විචය 15) මෙම සංගීත භාණ්ඩය වන්නේ, a) සෙක්සෆෝනය b) සයිලෆෝනය c) වයලීනය d) සිතාරය 16) සංචරණය නොකලත් චලන දක්වන ජීවියෙකි. a) මුහුදු අශ්වයා b) ගෙම්බා c) ගැඩවිලා d) මුහුදු මල 17) සතුන් ශාක භක්ෂක, මාංශ භක්ෂක හා සර්ව භක්ෂක ලෙස වර්ග කරන්නේ, a) භෝජන ක්‍රමය b) භෝජන රටාව c) භෝජන විලාශය d) භෝජන පිලිවල 18) සමාන ජල පරිමා විවිධ හැඩ භාජන තුල දමා ඇති අයුරු මෙම රූපයේ දැක්වේ. මෙමගින් ගත හැකි නිගමනය වන්නේ, a) ජලයට නිශ්චිත හැඩයක් ඇති බව. b) ජලය ඕනෑම භාජනයකට දැමිය හැකි බව  c) ජලය ද්‍රව අවස්ථාවේ ඇති බව d) ජලය අඩංගු භාජනයේ හැඩය ගන්න බව  19) වරල් සංචරණ උපාංග නොවන්නේ මේ අතරින් කාගේද? a) b) c) d) 20) පහත ඒවා අතරින් පදාර්ථයක් වන්නේ, a) වාතය b) ආලෝකය c) තාපය d) සුර්යාලෝකය

grade 6 science quiz by Erandi

排行榜

視覺風格

選項

切換範本

恢復自動保存: ?