1) සපුශ්ප ශාකයක් හා අපුශ්ප ශාකයක් පිළිවෙලින් දක්වා ඇති පිළිතුර තෝරන්න a) ජම්බු, මිරිස් b) අඹ, සියඹලා c) මඩු, ෆයිනස් d) කරවිල, ෆයිනස් 2) ජාලාභ නාරටි වින්‍යාසයක් සහිත පත්‍රය වන්නේ? a) දොඩම් b) පොල් c) වී d) ඉරිඟු 3) නුග ශාකයේ අතුවලින් හටගන්නා මුල් වර්ගය හැඳින්වෙන්නේ? a) ආලග්න මුල් b) කයිරු මුල් c) කරු මුල් d) වායව මුල් 4) පුශ්පයක කොටසක් මෙහි දැක්වේ.මෙහි A හා B වලින් දැක්වෙන්නේ?  a) කලංකය, සූත්‍රිකාව b) කලංකය, කීලය c) පරාගධානිය , කීලය d) පරාගධානිය , සූත්‍රිකාව 5) ධාරිත්‍රකයක ගබඩා කරගත හැකි විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය මනිනු ලබන්නේ?  a) වෝල්ට් වලිනි b) ඇම්පියර් වලිනි c) නිව්ටන් වලිනි d) ෆැරඩ් වලිනි 6) පිනොප්‍තලීන් බිංදු කිහිපයක් දැමූ විට රෝස පැහැති වන්නේ කවර ද්‍රව්‍යයද? a) විනාකිරි b) දෙහි යුශ c) සල්ෆියුරික් d) හුණු දියර 7) එක්තරා මැඩියෙකු සුදු පාට බිත්තියක රැඳී සිටින විට සුදු පාටින් දිස් වූ නමුදු ඌ ලා දුඹුරු පාට බිත්තියකකට පැනගත් විට කළු දුඹුරු පැහැයක් ගත්තේය.මෙම සිද්ධිය හැඳින්වෙන්නේ ,   a) විලෝපීයතාව b) වේශාන්තරය c) අනුවර්තනය d) අනාකූල හැඩය 8) එක් බීජ පත්‍රයක් සහිත ශාක වන්නේ, a) වී, කිතුල් b) පොල්, මහෝගනී c) අරලිය, නාරං d) පුවක්,දෙල් 9) රසායනික ක්‍රියාවලියක් මඟින් විදුලිය නිපදවන උපාංගය වන්නේ, a) ඩයිනමෝව b) වියළි කෝෂය c) සූර්‍ය කෝෂය d) මෝටරය 10) මෙහි දැක්වෙන්නේ ඵල වර්ග 3කි.මේවා ව්‍යාප්ත වන ක්‍රම පිළිවෙලින් දක්වා ඇත්තේ කවර පිළිතුරෙහිද? a) සුළඟ,සුළඟ,සතුන් b) සතුන්,සතුන්,සුළඟ c) සුළඟ ,සතුන්,සතුන් d) සුළඟ ,සතුන්,සුළඟ

Grade 7 Science MCQ (ICT Assignment)

排行榜

視覺風格

選項

切換範本

恢復自動保存: ?