1) පරිගණකයේ යම් කාර්යයක් ඉටු කර ගැනීම සඳහා භාවිතා කරන මෘදුකාංග මොනවාද? a) මෙහෙයුම් පද්ධති මෘදුකාංග b) යෙදුම් මෘදුකාංග c) ප්‍රති-වයිරස මෘදුකාංග d) දෘඩාංග මෘදුකාංග 2) පහත සඳහන් කුමන මෘදුකාංගය යෙදුම් මෘදුකාංගයකට උදාහරණයකි? a) මෙහෙයුම් පද්ධතිය b) වදන් සැකසීමේ මෘදුකාංගය c) ප්‍රති-වයිරස මෘදුකාංගය d) දෘඩාංග ධාවක මෘදුකාංගය 3) පරිගණකයේ මෘදුකාංග දෝෂ ප්‍රධාන වශයෙන් කී ආකාරයකට දැක්විය හැකිද? a) 3 b) 4 c) 2 d) 5 4) පරිගණකයේ යෙදුම් මෘදුකාංග දෝෂයක් හට ගත් විට එයින් සිදුවිය හැකි බලපෑම කුමක්ද? a) ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම b) විවෘත වුවද ප්‍රතිචාර නොදැක්වීම c) සම්පූර්ණ අතුරු මුහුණත නොපෙනීම d) ඉහත සියල්ලම 5) යෙදුම් මෘදුකාංග දෝෂයක් සඳහා සරලම විසඳුම කුමක්ද? a) පරිගණකය නැවත ආරම්භ කිරීම b) (B) මෘදුකාංගය නැවත ස්ථාපනය කිරීම c) මෘදුකාංගය වසා දමා නැවත විවෘත කිරීම d) (D) ප්‍රති-වයිරස මෘදුකාංගයක් මගින් සුපරීක්ෂණය කිරීම 6) වෛරස් මගින් ඇතිවන දෝෂ ඉවත් කිරීමට භාවිතා කළ හැකි මෘදුකාංග මොනවාද? a) වදන් සැකසුම් මෘදුකාංග b) පැතුරුම්පත් මෘදුකාංග c) ප්‍රති-වයිරස මෘදුකාංග d) රූප සැකසුම් මෘදුකාංග

لوحة الصدارة

النمط البصري

الخيارات

تبديل القالب

استعادة الحفظ التلقائي: ؟