1) පුෂ්ප හට ගන්නා ශාකයක් නොවන්නේ, a) මෑ b) කරපිංචා c) මීවණ d) කූඩළු 2) මුදුන් මූල පදධතියක් ඇති ශාකයකි. a) පොල් b) කිතුල් c) කුප්පමේනියා d) පුවක් 3) ශාක මුල්වල කෘත්‍යක් නොවන්නේ, a) ශාකය පසට සවි කිරීම b) වර්ධක ප්‍රචාරණය සිදු කිරීම c) ජලය සහ ජලයේ දිය වූ ඛනිජ ලවණ අවශෝෂණය කිරීම d) සන්ධාරකතාව ලබා දීම 4) කැරට්,බීට් වැනි ශාකවල ඇති මුල් කුමන නමින් හදුන්වයිද?  a) වායව මුල් b) සංචිත මුල් c) වයුධර මුල් d) කරු මුල් 5) කරු මුල් දක්නට ලැබෙන ශාකයක් නම් කරන්න. a) නුග b) රම්පේ c) කිරල d) වැටකෙයියා 6) ශාකයක, ප්‍රභාසංශ්ලේෂණය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ කුමන කොටස තුළද? a) ශාක කද තුළ b) ශාකයේ මුල් තුළ c) ශාකයේ පත්‍ර තුළ d) ශාකයේ පුෂ්ප තුළ 7) කයිරු මුල් වලින් කෙරෙන කාර්යය කුමක්ද? a) අතුවලට ආධරකයක් ලෙස ක්‍රියා කිරීම b) ශාක කදට ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම c) ආහාර තැන්පත් කිරීම d) වාතයේ ඇති ජල වාෂ්ප අවශෝෂණය කිරීම 8) සෑම පුෂ්පයකම අඩංගු වන ප්‍රධාන කොටසක් නොවන්නේ, a) මණිපත්‍ර b) වෘන්තය c) දළපත්‍ර d) ජායාංගය/පූමාංගය 9) සුළග මගින් ව්‍යාප්ත වන,ජලය මගින් ව්‍යාප්ත වන,සතුන් මගින් ව්‍යාප්ත වන බීජ පිලිවෙළින් ඇතුළත් පිළිතුර වන්නේ, a) එඩරු,හොර,පුවක් b) ගම්මාලු,නාගදරණ,කොට්ටම්බා c) වරා,කොට්ටම්බා,නාගදරණ d) සියඹලා,හොර,එඩරු 10) ඒකබීජපත්‍රී ශාකයක් වන්නේ, a) බෝංචි b) බඩඉරිගු c) කඩල d) සියඹලා 11) පුෂ්පයක අභ්‍යන්තර කොටස ආරක්ෂා කිරීම සිදු කරන්නේ කුමන කොටස මගින්ද? a) මණිපත්‍ර මගින් b) පූමංගය මගින් c) වෘන්තය මගින් d) දළපත්‍ර මගින් 12) ශාක පත්‍රවල කෘත්‍යක් නොවන්නේ , a) ප්‍රභාසංශ්ලේෂණය කිරීම b) වර්ධක ප්‍රචාරණය සිදු කිරීම c) ආහාර සහ ජලය ගමන් කිරීම d) ජලය ගබඩා කිරීම 13) ජායාංගයේ කෘත්‍ය කුමක්ද? a) ළපටි පුෂ්ප ආරක්ෂා කිරීම b) බීජ නිපදවීමට දායක වීම c) පරගණය සදහා කෘමීන් ආකර්ශණය සිදු කිරීම d) පරග නිපදවීම 14) සරල පත්‍ර දක්නට ලැබෙන ශාකයක් වන්නේ , a) පොල් b) සියඹල c) වද d) කතුරුමුරුංගා 15) මූල ගැටිති දක්නට ලැබෙන ශාකයක් නොවන්නේ , a) දඹල b) මෑ c) බෝංචි d) කතුරුමුරුංගා

Lyderių lentelė

Vizualinis stilius

Parinktys

Pakeisti šabloną

Atkurti automatiškai įrašytą: ?