1) 1. මධ්‍යම සැකසුම් ඒකකය ස්ථාන අත කර ඇත්තේ ..............................................තුළය. a) මව් පුවරුව b) දෘඪ තැටිය c) සසම්භාවී ප්‍රවේශ මතකය d) ප්‍රධාන මතකය 2) 2. මධ්‍ය සැකසුම් ඒකකය මෙම කොටස් වලින් යුක්ත වේ. a) ALU, CU, Memory Unit b) ALU, CU, Hard Disk c) RAM, ROM, ALU d) CD,DVD, Hard Disk 3) 3. මධ්‍යම සැකසුම් ඒකකයට අයත් පාලන ඒකක‍යේ කාර්යයක් නො වේ. a) පරිගණකයට සම්බන්ධ දෘඪාංග අතර සන්නිවේදනය b) දත්ත නිවැරදි  වෙලාවට යැවීම තහවුරු කර ගැනීම c) සංඥා සාර්ථකව ලැබේදැයි තහවුරු කරගැනීම d) සංඛ්‍යා දෙකක් සන්සන්දනය කිරීම 4) 4. UNIVAC, ENIAC පරිගණක ............................................ පරිගණක සදහා උදාහරණ වේ. a) පළමු පරම්පරාව b) දෙවන පරම්පරාව c) තුන්වන පරම්පරාව d) සිව්වන පරම්පරාව 5) 5. රූපයෙන් දැක්වෙන්නේ.......................කි, a) රික්තකනලය b) ට්‍රාන්සිස්ටරය c) අනුකලිත පරිපථය d) ක්ෂුද්‍ර පරිපථය 6) 6. රූපයෙන් දැක්වෙන්නේ .............................. මෙහෙයුම් පද්ධතිය වේ. a) Windows b) Linux c) Ubuntu d) RedHat 7) 7. සෙවුම් යන්ත්‍රයක් සදහා උදාහරණයක් වනුයේ, a) Safari b) MS-Word c) IOS d) CorelDraw 8) 8. ආචයන උපාංග නිෂ්පාදනය කිරීම සදහා භාවිතා කර ඇති තාක්ෂණය අනුව කොටස් තුනකට බෙදේ. එම කොටස් වනුයේ a) දෘඪාංග, මෘදුකාංග, ජීවාංග b) දෘඪාංග, ස්ථීරාංග, චුම්භක මාධ්‍ය c) චුම්භක මාධ්‍ය, ප්‍රකාශ මාධ්‍ය, ඝන තත්ත්වයේ මාධ්‍ය d) ආදාන, සැකසුම, ප්‍රතිදාන, ආචයන 9) 9. දත්ත හා වැඩසටහන් තැන්පත් කිරීමේදී භාවිතා කරනු ලබන ප්‍රකාශ මාධ්‍ය උපක්‍රමයකි, a) අභ්‍යන්තර දෘඪ තැටිය b) සැණෙළි ධාවකය c) සංගත තැටිය d) මතක කාඩ්පත් 10) 10. .doc/.docx යන ගොනු දිගු අයත්වන්නේ ........................ සදහාය, a) පැතුරුම්පත් මෘදුකාංග b) සමර්පණ මෘදුකාංග c) චිත්‍රක මෘදුකාංග d) වදන් සැකසුම් මෘදුකාංග 11) 11. පරිගණකය තුළට අධික විදුලි ධාරාවක් ගලාඒම හා අකුණු ගැසීම ආදියෙන් ආරක්ෂා වීමට භාවිතා කළ හැකි ආරක්ෂක ක්‍රමයක් වන්නේ, a) අනවරත ජව සැපයුම් භාවිතය b) විලායක භාවිතය c) සර්ජන ආරක්ෂක d) ජව සැපයුම් ඒකකය 12) 12. පහත රූපයෙන් දැක්වෙන පරිගණක තිරය අයත්වන මෙහෙයුම් පද්ධතිය වනුයේ, a) Windows XP b) Microsoft Disk OS c) Linux d) Fedora 13) 13. අනිෂ්ට මෘදුකාංග මගින් පරිගණකයට සිදුවිය හැකි හානි වැළැක්වීම සදහා අනුගමනය කළහැකි ක්‍රියාමාර්ගය/ක්‍රියාමාර්ග වනුයේ,  a) ප්‍රතිවෛරසක මෘදුකාංග භාවිතය b) උපස්ථ පිටපත් ලබා ගැනීම c) බාහිර ආචයන උපාංග සදහා වෛරස පරීක්ෂාව d) ඉහත සියල්ලම 14) 14. උපස්ථ පිටපත් ලබා ගැනීම සදහා භාවිතා කළ නොහැකි උපාංගයක් වනුයේ a) b) c) d) 15) 15. ජීවමිතික මුරපදයක් භාවිතා කළ හැකි උපාංගයක් නොවන්නේ, a) මේස පරිගණකය b) උකුළු පරිගණකය c) ජංගම දුරකථනය d) ඉහත කිසිවක් නොවේ 16) 16. අනිෂ්ට මෘදුකාංයක් නොවන්නේ a) පිළි ඔත්තු b) ට්‍රෝජන් අශ්වයා c) පරිගණක වෛරස d) ඉහත සියල්ල 17) 17. පළමු වදන් සැකසීමේ පරිගණකය සොයා ගනු ලැබුවේ................... දී ය. a) 1987 b) 1980 c) 1960 d) 1956 18) 18. මෙය .................... වදන් සැකසුම් මෘදුකාංග ය සදහා භාවිතා කරනු ලැබේ. a) WordPerfect b) iWorkPage c) AbiWord d) Open Office Writer 19) 19. වදන් සැකසුම් මෘදුකාංග භාවිතයෙන් ලැබෙන වාසියක් නොවන්නේ, a) වචන ගණන් කිරීම b) වචන සෙවීම හා ප්‍රතිස්ථාපනය කිරීම c) ඡායාරූප සංස්කරණය d) පසුභාවිතයට සුරැකීම 20) 20. ලේඛන සකස් කිරීමේදී අක්ෂර, සංඛ්‍යා, විරාම ලක්ෂණ හා සංකේත ඇතුළත් කිරීමට ........................ භාවිතා කරයි a) මෙහෙයුම් යතුරු b) කාර්යය යතුරු c) සංචලන යතුරු d) අනුලක්ෂණ යතුරු 21) 21. ස්පර්ශක යතුරුකරණයේ වාසියක් වන්නේ, a) ලේඛනයේ වැරදි අවම වීම b) කාලය ඉතිරිවීම c) වේගයෙන් යතුරු කරණය සිදුකිරීම d) ඉහත සියල්ල 22) 22. සිංහල යතුරු පුව‍රුවේ w, b, m අක්ෂර සදහා අදාල සිංහල අක්ෂර වන්නේ, a) අ, ඉ, ප b) උ, බ, ම c) අ, බ, ම d) උ, ඊ, ඵ 23) 23. ගැටලු වියෝජනයේ ඇති වාසියක් නොවන්නේ, a) විශ්ලේෂණයට ඇති පහසුව b) අවබෝධය පහසු වීම c) විසදීම පහසු වීම d) විස්තර කිරීම අපහසු වීම 24) 24. මෙම මෙවලම Scratch වැඩසටහනෙහි භාවිතා කරනු ලබන්නේ,  a) වැඩසටහන ධාවනය කිරීම b) වැඩසටහන අවසන් කිරීම c) වෙනත් පාලන කාණ්ඩයක් තේරීමට d) නව වැඩසටහන් පිටුවක් ලබා ගැනීම 25) 25. Scratch වැඩසටහනෙහි වේදිකාවට පසුපසින් දර්ශනය වන පසුතලය ................................... ලෙස හදුන්වයි. a) Background b) Desktop c) Backdrop d) Backstage 26) 26. වේදිකාව මත රේඛා හා විවිධ හැඩතල ඇදීම සදහා භාවිතා කරනු ලබන උපදෙස් කාණ්ඩය වන්නේ, a) Motion b) Pen c) Sensing d) Variable 27) 27. මෙම උපදෙස් කාණ්ඩය අයත් වනුයේ a) Event b) motion c) Control d) Looks 28) 28. සමර්පණ මෘදුකාංග පිළිබද පහත දී ඇති ප්‍රකාශ අතුරින් අසත්‍ය ප්‍රකාශය වන්නේ a) සමර්පණයක වීඩියෝ , ගීත ඇතුළත් කළ හැක. b) ඕනෑම අවස්ථාවක එහි අන්තර්ගතය වෙනස් කළ නොහැක. c) කදාවෙන් කදාවට මාරුවිය හැක. d) සමර්පණ කදාවලින් සකස්වී ඇත 29) 29. සමර්පණ මෘදුකාංග සදහා උදාහරණයක් නොවන්නේ, a) Apple Keynote b) Libre Office Impress c) Corel Presentation d) Microsoft Access 30) 30. සමර්පණයක් ඉදිරිපත් කිරීමේදී කදාවෙන් කදාවට මාරුවීම සදහා ...................................... භාවිතා කරනු ලබයි. a) කදා ආකෘති (slide layout) b) කදා පිරිසැලසුම (slide designs) c) කදා සංක්‍රාන්තිය (slide transitions) d) සජීවිකරණය (Animation) 31) 31. පරිගණක ජාල ඇසුරෙන් පහත දී ඇති ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය වන්නේ, a) පරිගණක කිහිපයක් එකතුවී පරිගණක ජාලය සෑදී ඇත. b) පරිගණක ජාල ගත කිරීමේදී RJ45 කේබල භාවිතා කරයි. c) පරිගණක ජාලකරණයේදී මෘදුකාංග හවුලේ භාවිතා කළ නොහැක. d) පරිගණක ජාල විශාල ප්‍රමාණයක් එකතු වී අන්තර්ජාලය සැකසී ඇත. 32) 32. අන්තර්ජාලය භාවිතයෙන් කළ හැකි කාර්යයන් වන්නේ, a) සිංදු ඇසීම හා බාගත කිරීම b) පින්තූර උඩුගත කිරීම හා බාගත කිරීම c) සිතියම් නිරීක්ෂණය හා පරිගණක ක්‍රීඩා කිරීම d) ඉහත සියල්ලම සිදු කළ හැක. 33) 33. URL හි දිගු නාමය වන්නේ, a) Uniform Resource Locator  b) Uniform Resource Location c) United Resource Location d) Uniform Reconnection Locator 34) 34. රූපයෙන් දැක්වෙන්නේ වීඩියෝ සම්මන්ත්‍රණ සදහා භාවිතා කරන මෘදුකාංගයකි. එම මෘදුකාංගය වනුයේ, a) Scratch b) Go To Meeting c) Zoom d) Skype 35) 35. විද්යුත් තැපෑලෙහි ගුණාංගයක් නොවන්නේ, a) එකවර කිහිප දෙනෙකුට පිටපත් යැවිය හැක. b) යැවූ දිනය වේලාව ස්වයංක්‍රීයව සටහන්‍ වීම. c) යැවූ සියලුම ලිපි INBOX තුළ තැන්පත් වේ. d) Address Book මගින් ලිපින තැන්පත් කිරීම සිදුකරයි.

Papan mata

Gaya visual

Pilihan

Tukar templat

Pulihkan autosimpan: ?