1) මෙහෙයුම් පද්ධතියක් යනු කුමක්ද? a) පරිගණක දෘඩාංග කොටසකි. b) පරිගණක මෘදුකාංගයකි. c) පරිගණක ජාලයකි. d) පරිගණක දත්ත ගබඩාවකි. 2) පරිශීලක අතුරුමුහුණතක් (User Interface) යනු කුමක්ද a) පරිගණකයේ වේගය වැඩි කරන උපකරණයකි. b) පරිගණකය සහ පරිශීලකයා අතර අන්තර්ක්‍රියා කිරීමට ඉඩ සලසන මෙවලමකි. c) පරිගණකයේ මතකය ගබඩා කරන ස්ථානයකි. d) පරිගණක ජාලයක කොටසකි. 3) පරිගණකයක මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කාර්යය කුමක්ද? a) පරිගණක ක්‍රීඩා කිරීම. b) අන්තර්ජාලයට පිවිසීම. c) පරිගණක දෘඩාංග හා මෘදුකාංග කළමනාකරණය කිරීම. d) ලිපි ලේඛන සකස් කිරීම. 4) මෙහෙයුම් පද්ධතියක් මඟින් සිදු නොකරන කාර්යයක් වන්නේ: a) දෘඪාංග මෙහෙය වීම සිදු කිරීම. b) පරිගණකයේ සුරක්ෂිතභාවය ඇති කිරීමට උපකාරී වීම. c) දත්ත විශ්ලේෂණය කිරීම. d) ආචයන උපාංග වලට අදාළ ක්‍රියා පාලනය කිරීම. 5) පරිශීලක අතුරුමුහුණතක අරමුණ කුමක්ද? a) පරිගණක දෘඩාංග වැඩි දියුණු කිරීම. b) පරිගණකයේ ආරක්ෂාව වැඩි කිරීම. c) පරිගණකය භාවිතා කිරීම පහසු කිරීම. d) පරිගණක දත්ත ගබඩා කිරීම. 6) පහත සඳහන් ඒවායින් මෙහෙයුම් පද්ධතියක කාර්යයක් නොවන දෙය කුමක්ද? a) ගොනු කළමනාකරණය. b) පරිගණක ක්‍රීඩා කිරීම. c) මතකය කළමනාකරණය. d) දෘඩාංග කළමනාකරණය.

Operating System Grade 7A

Skor Tablosu

Görsel stil

Seçenekler

Şablonu değiştir

Otomatik olarak kaydedilen geri yüklensin mi: ?