1) ආදාන උපාංගයක් නොවන්නේ කුමක්ද ? a) මූසිකය b) සංදර්ශකය  c) මයික්‍රෆෝනය d) ස්කෑනර් යන්ත්‍රය e) CCTV 2) දත්ත රැස් කිරීමේ ක්‍රමයක් නොවන්නේ කුමක්ද? a) සම්මුඛ සාකච්ඡා b) නිරීක්ෂණය c) නිගමනය d) ප්‍රශ්නාවලි e) මූලාදර්ශ 3) ගුණාත්මක තොරතුරක ලක්ෂණයක් වන්නේ කුමක්ද? a) තේරුම් ගැනීමේ හැකියාව b) මිල අධික වීම c) සංකීර්ණබව d) අසම්පූර්ණබව e) අකාලිකබව 4) මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් තුන වන්නේ  a) ආදාන උපාංග,ප්‍රතිදාන උපාංග, ප්‍රධාන මතකය b) අංක ගණිතමය හා තාර්කික ඒකකය, පාලන ඒකකය, මතක රෙජිස්තර c) ප්‍රකාශ මතකය, ප්‍රධාන මතකය, මතක රෙජිස්තර d) දෘඩ තැටිය, පාලන ඒකකය, අංක ගණිතමය හා තාර්කික ඒකකය e) RAM,ROM, මතක රෙජිස්තර 5) පින්තූර සහ ශබ්දය ප්‍රතිදානය කරන උපාංගයක් වන්නේ කුමක්ද  a) බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය b) ස්පීකරය c) ස්පර්ශ තිරය d) චිත්‍රක ඵලකය e) OMR 6) කැතෝඩ කිරණ නල සංදර්ශකයක ලක්ෂණයක් නොවන්නේ කුමක්ද ? a) පහසුවෙන් එහා මෙහා ගෙනයා හැක b) වැඩි විදුලි පරිභෝජනයක් ඇත c) රූප වල ගුණාත්මක බව වැඩිය d) වැඩි ඉඩක් අවශ්‍ය වීම e) කාර්යක්ෂමතාවය අඩුවේ 7) පහත මුද්‍රණ යන්ත්‍ර අතරින් ඝට්ටනය භාවිතයෙන් මුද්‍රණ කටයුතු සිදු කරන්නේ පහත කුමකින්ද?  a) Laser Printer b) Dot matrix printer c) Ink jet printer d) Thermal Printer e) Plotter 8) පහත ඒවා අතරින් නෂ්‍ය මතකයක් වන්නේ කුමක්ද ? a) දෘඩ තැටිය b) ROM c) DVD d) RAM e) සැණෙලි මතක 9) ගතික සසම්භාවී මතකයේ ලක්ෂණයක් වන්නේ කුමක්ද ? a) විදුලි බලය ලැබෙන තෙක් මතකය රඳවා ගනී. b) නිරන්තරයෙන් පුබුදු කිරීම සිදු කල යුතුවේ. c) වාරක මතක සඳහා භාවිතා කරයි. d) ට්‍රාන්සිස්ටර් භාවිතයෙන් නිපදවා ඇත. e) කුඩා දත්ත ප්‍රමාණයක් රැඳවීමට වැඩි භෞතික ඉඩක් වැයවේ. 10) පහත ඒවා අතරින් වලාකුළු පරිගණන සේවාවක් නොවන්නේ කුමක්ද? a) IaaS b) SaaS c) FaaS d) PaaS e) සංවර්ධන පරිසර සේවාවක් ලෙස

Lyderių lentelė

Vizualinis stilius

Parinktys

Pakeisti šabloną

Atkurti automatiškai įrašytą: ?