1) ජන සමාජයක දැකගත හැකි විශේෂ ලක්ෂණයකි. a) විවිධ වයස් කාණ්ඩවලට අයත් පුද්ගලයින් සිටීම.  b) විවිධ වෘත්තීන් වල නියැලෙන්නන් සිටීම. c) විවිධ භාෂා කතා කරන ඇදහිලි ඇති පුද්ගලයින් සිටීම. d) ඉහත ලක්ෂණ සියල්ලම දැකගත හැකි වීම. 2) සමාජීය පුද්ගලයින් සතු අත්‍යවශ්‍ය නොවන අවශ්‍යතාවයකි. a) ආහාර හා සෞඛ්‍ය ආරක්ෂාව. b) පවුල් ජීවිතය හා ආරක්ෂාව.  c) තොරතුරු සන්නිවේදනය හා අධ්‍යාපනය. d) විනෝදයට ඔරු පැදීම හා පිටරටක සංචාරය. 3) ව්‍යාපාරිකයකු සතු මූලික වගකීමකි. a) වෙළඳපොළට භාණ්ඩ හා සේවා සැපයීම. b) ව්‍යාපාරයේ ලාභ ඉපයීම. c) භාණ්ඩ හා සේවාවල මිල ඉහළ දැමීම. d) ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතා හා උවමනා පිළිබඳ සැළකිලිමත් වීම. 4) සමාජයක වෙසෙන පුද්ගලයින්ට විවිධ අවශ්‍යතා හා වුවමනා ඇත. පහතින් දී ඇති පිළිතුරු අතර ඇති පුද්ගල අවශ්‍යතාවයක් දැක්වෙන පිළිතුර තෝරන්න. a) මෝටර් රථයක් මිලදී ගැනීම. b) මහල් නිවාසයක් තනා ගැනීම. c) ආහාර සපයා ගැනීම. d) ජංගම දුරකථනයක් මිලදී ගැනීම. 5) වෙළඳපොළේදී දක්නට ලැබෙන භාණ්ඩ හා සේවාවන් කිහිපයක් පහතින් දී ඇත. ඉන් සේවාවක් පමණක් ඇතුළත් කර ඇති පිළිතුර තෝරන්න (ඉංග්‍රීසි අක්ෂර ඇසුරින්). A-තොරතුරු සන්නිවේදනය, B-ගෘහ භාණ්ඩ, C-ගොඩනැගිලි ද්‍රව්‍ය, D-අධ්‍යාපනය, E-කෘෂි උපකරණ, F-පොදු ප්‍රවාහනය, G-ගුවන් සේවය, H-ලිපි ද්‍රව්‍ය, I-වාහන, J-ඖෂධ, K-වෛද්‍ය සේවය, L-හෙද සේවය. a) A, B, C, D, E, F ය. b) A, D, F, G, K, L ය. c) L, K, J, I, H, G ය. d) B, C, E, H, I, J ය. 6) භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට මූලික වූ අමු ද්‍රව්‍යයන් සම්පත් ලෙස හදුන්වයි. ඒවා ජීවී හෝ අජීවී වේ. පරිසරයේ මෙම සම්පත් සුලබය. භාණ්ඩ හා සේවාවන් කිහිපයක් නිපදවීමට අවශ්‍ය සම්පත් පහතින් දී ඇත. ලියන මේසයක් නිෂ්පාදනයට අවශ්‍ය සම්පත් දක්වා ඇති පිළිතුර ඒ අතරින් තෝරන්න.  a) ජල මූලාශ්‍රයක්, ටර්බයින් එකක්, විදුලි රැහැන්, කාර්මිකයින් b) දැව, කාර්මික දැනුම, ශිල්පීය දැනුම, උපකරණ, මෙවලම්, තීන්ත c) ලෝහ, ලෝහ නිස්සාරණ කම්හල්, කම්හලක්, කාර්මික දැනුම, ශිල්පීය දැනුම, කම්හල් උපකරණ, රබර්, තීන්ත වර්ග d) තාර, ඉදිකිරීම් උපකරණ, ශිල්පීය දැනුම, කාර්මිකයින්, කළුගල්, මෙටල්, වැලි, දැව, කම්කරු ශ්‍රමය 7) කිසියම් වෙළඳපොළක පාරිභෝගිකයන් ඉල්ලුම් කරන කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමට හැකියාවක් නැති අවස්තාද තිබිය හැක. (උදා: කිසියම් නගරයක බොහෝ කඩ සාප්පු ඇතත් එම නගරයේ ඖෂධ මිලට ගැනීමට ෆාමසියක් නැතැයි සිතමු.) මෙවැනි අවස්තාවක් අප හදුන්වනු ලබන්නේ, a) වෙළඳපොළ හිදැසක් ලෙසයි. b) තරගකාරි වෙළඳපොළක් ලෙසයි. c) වෙළඳපොළ භාණ්ඩ හිගය ලෙසයි. d) පාරිභෝගික ඉල්ලුමට සැපයුම නැති බවයි. 8) වෙළඳපොළ හිදැසක් දුටු සැනින් ව්‍යවසායකයා තුළ පහළ වන්නේ, a) ව්‍යාපාරයකට ආයෝජනය කිරීමයි. b) ව්‍යාපාරය පසුබෑමට ලක්වීමයි. c) ව්‍යාපාරික අදහසක් ජනිත වීමයි.  d) ව්‍යාපාරික සැලසුමක් සැකසීමයි. 9) ව්‍යාපාරික අදහසක් මතු වූ සැනින් ව්‍යවසායකයා, a) ව්‍යාපාරය ආරම්භ කරයි. b) ආයෝජනයට මුදල් රැස් කරයි. c) ආයෝජනයට යෙදූ මුදලට ප්‍රමාණවත් ප්‍රතිලාභ ලැබිය හැකිදැයි සොයා බලයි. d) ව්‍යාපාරයට සේවකයින් බදවා ගනී. 10) භාණ්ඩ හා සේවා නිපදවන්නන් හා ඉල්ලුම්කරුවන් අතර ගනුදෙනු සිදුවන ස්ථානය හදුන්වනු ලබන්නේ, a) සිල්ලර වෙළදාම ලෙසයි. b) තොග වෙළදාම ලෙසයි. c) සති පොළ ලෙසයි. d) වෙළඳපොළ ලෙසයි. 11) පිටරටකින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ජංගම දුරකථනයක් මිලට ගැනීම හදුන්වන සුදුසුම නාමය වන්නේ, a) අන්තර්ජාලය හරහා සිදුවන වෙළදාම ලෙසයි. b) අන්තර්ජාතික වෙළදාම ලෙසයි. c) ද්වී පාර්ශික වෙළදාම ලෙසයි. d) තරගකාරි වෙළදාම ලෙසයි. 12) වෙළඳපොළ සමීක්ෂණයකින් ව්‍යාපාරිකයන් අපේක්ෂා නොකරන කාරණයකි. පාරිභෝගිකයන්ගේ,   a) අවශ්‍යතා හා වුවමනා පිළිබඳ සෙවීම. b) මිලදී ගැනීමේ හැකියාව සොයා බැලීම. c) ඉලක්ක වෙළඳපොළ සෙවීම. d) රැකියාව පිළිබඳ සෙවීම. 13) සබන් නිෂ්පාදකයකු වෙළඳපොළට විවිධ වර්ගයේ සබන් නිෂ්පාදනයන් යවයි. විවිධ වයස්වල අයට ගැලපෙන පරිදි එය නිෂ්පාදනය කරයි. එකම භාණ්ඩය වුවද ඉල්ලුම්කරුගේ තරාතිරම සලකා වෙළඳපොළට විවිධත්වයකින් නිකුත් කිරීම හදුන්වන්නේ, a) වෙළඳපොළ ඉල්ලුම ලෙසයි. b) වෙළඳපොළ ඒකාධිකාරය ලෙසයි. c) වෙළඳපොළ කණ්ඩනය ලෙසයි. d) වෙළඳපොළ බිද වැටීම ලෙසයි. 14) වෙළඳපොළ කණ්ඩනය පිළිබඳ දැනුවත් ව්‍යාපාරිකයකු සිය පත්තර නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කිරීමේදී සැලකිය යුතු කරුණකි. සමාජයේ, a) පුද්ගල වයස් මට්ටම් පිළිබඳව. b) පුද්ගල ස්ත්‍රී පුරුෂ බව පිළිබඳව. c) පුද්ගලයින්ගේ භාෂා ප්‍රවීණතාව පිළිබඳව. d) ඉහත සදහන් සියලුම කරුණු පිළිබඳව. 15) SLS නමැති ප්‍රමිති සහතිකය ලබාදෙනු ලබන්නේ, a) අන්තර්ජාතික ප්‍රමිති ආයතනය මගිනි. b) පුද්ගලික වෙළද සංගමය මගිනි. c) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගිනි. d) පාරිභෝගික අධිකාරිය මගිනි. 16) සැපයුම් දාමයක ඇතුළත් විය යුතු වැදගත්ම අංගයකි. a) සැපයුම්කරුවන් b) වෙළඳපොළ අවශ්‍යතා හදුනා ගැනීම c) බෙදාහැරීමේ ජාලය d) ඉහත සියළුම තත්ත්වයන් තිබීම 17) සැපයුම් ජාලයක ඉදිරිපස පුරුකකට අයත් නොවන්නේ, a) සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම b) පූර්ව සැලසුම් කිරීම c) යෙදවුම් තීරණය කිරීම d) බෙදාහැරීම 18) කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයා අතට පත්කිරීමේ ක්‍රියාවලිය හදුන්වන්නේ, a) මිලදී ගැනීම ලෙසයි. b) භාණ්ඩ ඇසුරුම්කරණය ලෙසයි. c) භාණ්ඩ බෙදාහැරීම ලෙසයි. d) භාණ්ඩ සැපයුම ලෙසයි. 19) පැණි කොමඩු වගා කරන ගොවියෙක් සිය නිෂ්පාදන සති පොළේදී පාරිභෝගිකයන්ට සිල්ලරට විකිණීම කරයි. මෙම භාණ්ඩ බෙදාහැරීමේ ක්‍රියාවලිය නිවැරැදිව දැක්වෙන පිළිතුර තෝරන්න. a) නිෂ්පාදකයා - සිල්ලර වෙළෙන්දා - පාරිභෝගිකයා b) නිනිෂ්පාදකයා - තොග වෙළෙන්දා - පාරිභෝගිකයා c) නිෂ්පාදකයා - තොග වෙළෙන්දා - සිල්ලර වෙළෙන්දා - පාරිභෝගිකයා d) නිෂ්පාදකයා - පාරිභෝගිකයා 20) ආර්ථික මධ්‍යස්ථානයකදී අලෙවි වන කෘෂි නිෂ්පාදන පාරිභෝගිකයන් අතට පත්වීම දක්වා බෙදාහැරීමේ ක්‍රියාවලිය දැක්වෙන පිළිතුර තෝරන්න. a) නිෂ්පාදකයා - තොග වෙළෙන්දා - සිල්ලර වෙළෙන්දා - පාරිභෝගිකයා b) නිෂ්පාදකයා - සිල්ලර වෙළෙන්දා - පාරිභෝගිකයා c) නිෂ්පාදකයා - පාරිභෝගිකයා d) නිෂ්පාදකයා - නියෝජිතයා - පාරිභෝගිකයා 21) ව්‍යාපාරික ආයතනයක් සමාජීය සුභසාධනය වෙනුවෙන් ප්‍රජා සංවර්ධනයට දායක වූ අවස්ථාවක් පෙන්නුම් නොකරන ප්‍රකාශය තෝරන්න. a) ව්‍යාපාරය තුළ රැකියා අවස්ථා ලබාදීම. b) පොදු ස්ථාන සදහා මූල්‍යමය අනුග්‍රහය දැක්වීම. c) විවිධ ආපදාවන්හිදී රජයට සහාය වීම. d) ව්‍යාපාරය සතු සියළුම දේපළ රක්ෂණය කිරීම. 22) පරිසර හිතකාමී ව්‍යාපාරයක තිබිය යුතු ගුණාංගයකි. a) විදිමත් ලෙස අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම. b) කර්මාන්තය සුදුසු ස්ථානක ස්ථාපිත කිරීම. c) පරිසර හිතකාමී ඇසුරුම් භාවිතය. d) ඉහත සදහන් සියලු ගුණාංග පැවතිය යුතු වීම. 23) ඍජුවම මහජනයාගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් එඑල්ලවන ව්‍යාපාරයකි. a) ජල විදුලිය නිෂ්පාදනය b) ජලය පිරිපහදු කිරීමේ කර්මාන්තය c) කෘෂි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය d) ඇගළුම් නිෂ්පාදන කර්මාන්තය 24) පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව හා යහපත පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන ආයතනයක් සතු වගකීමක් නොවන්නේ, a) සිය නිෂ්පාදන පිළිබඳ නිවැරැදි තොරතුරු මහජනයාට ලබාදීම. b) ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය. c) වාර්ෂිකව භාණ්ඩවල මිල ඉහළ දැමීම. d) ලාභාංශ වලින් කොටසක් සමාජ සුභසාධනයට යෙදීම. 25) කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳව ප්‍රචාරණය කිරීමේ මූලික අරමුණකි. a) භාණ්ඩ පිළිබඳව මහජනයා දැනුවත් කිරීම. b) භාණ්ඩයේ අලෙවිය වැඩිකර ගැනීම. c) භාණ්ඩයේ මිල ඉහළ දැමීම. d) පාරිභෝගික රුචිය වැඩිකිරීම. 26) වර්තමානයේ මහජනයාට වඩාත් සමීප ප්‍රචාරණ මාධ්‍යයකි. a) ගුවන් විදුලිය b) අන්තර්ජාලය c) පුවත්පත d) රූපවාහිනිය

ව්‍යාපාර

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?