1) අපේ ප්‍රධාන ආහාර වේල්වලින් එකකි. a) පාන්දර b) සවස c) දවල් 2) අතීතයේ ආහාර කල් තබා ගත් ක්‍රමයකි a) මී පැණිවල බහා තැබීම b) ටින් කිරීම c) පැකට් කිරීම 3) ස්වභාවිකව සිදුවිය හැකි විපතකි. a) ලිස්සා වැටීම b) නායයාම c) කතුරෙන් කැපීම 4) ජලය මගින් බෝවන රෝගයකි. a) ඩෙංගු b) පාචනය c) ජලභීතිකාව 5) ඔබ පෞද්ගලිකව පරිහරණය කරන උපකරණයකි. a) රූපවාහිනිය b) පනාව c) පුටුව 6) වැඩ පහසුකරන උපකරණ භාවිත කිරීමේ දී සිදුවිය හැකි අනතුර කුමක්ද? a) විදුලි සැර වැදීම b) අකුණු ගැසීම c) දියේ ගිලීම 7) ජලය ශීත කළ විට a) ඝන බවට පත්වේ b) දිය වේ c) උණු වේ 8) ගංවතුර තත්ත්වයක් ඇතිවීමට බලපාන මිනිස් ක්‍රියාවකි. a) ගස් සිටුවීම b) කාණු සුද්ධ කිරීම c) පහත් බිම් ගොඩ කිරීම 9) සර්පයකු දෂ්ට කිරීමේදී සිදුනොවිය හැකි දෙයකි. a) විෂ ශරීරගත වීම b) ශරීර ශක්තිය වැඩිවීම c) මරණයට පත්වීම 10) භාණ්ඩයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණ කුමක්ද? a) අලංකාර බව b) කල් ඉකුත්මේ දිනය c) රස කාරක යෙදීම

එක් එක් ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර තෝරන්න.

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?