1) සකසන වර්ගයකි a) Quad core b) CRT c) Video graphic adapter d) RAM 2) දෘඩාංග වල ආරක්ෂාවට මතුවිය හැකි තර්ජනයකි a) අනවරත ජව සැපයුම b) සර්ජන ආරක්ෂක භාවිතය c) හදිසි විදුලි විසන්ධි වීම් d) විලායක භාවිතය 3) පරිගණකය ඇතුළත අධික ලෙස රත්වීම වලක්වීම සඳහා a) සිසිලන පංකා සවි කළ යුතුය b) මුර පද යෙදිය යුතුය c) විද්‍යාගාරය පිරිසිදුව තබාගත යුතුය d) කෘමීන් ගෙන් වෙන හානි වැලැක්විය යුතුය 4) විවෘත ප්‍රභව මෙහෙයුම් පද්ධතියකි a) Windows b) Ubuntu c) Apple d) Mac os 5) පරිගණකයට සිදුවන භෞතික හානියකි a) ගොනු මැකී යාම b) කෘමි උවදුරු c) මෙහෙයුම් පද්ධතිය නිසි පරිදි ක්‍රියා නොකිරීම d) අනිෂ්ට මෘදුකාංග වල බලපෑම 6) අනිෂ්ට මෘදුකාංග වලට උදාහරණයක් නොවේ a) පරිගණක වර්මස් b) ට්‍රෝජන් අශ්වයා c) පිලි ඔත්තු d) විද්‍යුත් තැපෑල 7) අනිෂ්ට මෘදුකාංග වලින් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා a) ආරක්ෂිත වෙබ් අඩවි පමණක් භාවිත කළ යුතුය b) තිරය මත එකවර පෙනී යන කවුළු මත ක්ලික් කළ යුතුය c) සියලුම විද්‍යුත් තැපැල් ලිපි බැලිය යුතුය d) ගිනි පවුර ක්‍රියාවිරහිත කල යුතුය 8) අනිෂ්ට මෘදුකාංග මගින් a) මෘදුකාංග ක්‍රියා විරහිත කරයි b) පරිගණකයේ කාර්යක්ෂමතාවය අඩාල කරයි c) ආචායන උපාංග වල ධාරිතාවය අඩු කරයි d) ඉහත සියල්ලම සිදු කරයි 9) උපස්ථ පිටපත් යනු a) මුල් පිටපතයි b) සංගත තැටියකි c) මුල් පිටපතේ වෙනත් පිටපතකි d) ශක්තිමත් මුර පදයකි 10) පරිගණකයේ ඇති සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා a) ශක්තිමත් මුරපද භාවිතය b) සුදුසු පරිශීලක ගිණුම් සැකසීම c) ගුප්තකතනය d) ඉහත සියල්ලම 11) ජීව මිතික මුර පද යනු a) ආරක්ෂිත කැමරා භාවිතය b) අනතුරු ඇඟවීමේ සංඥා c) පුද්ගලයාගේ ඇඟිලි සලකුණු හෝ කටහඬ භාවිතය d) හදිසි පණිවිඩ 12) විද්‍යුත් පැතුරුම්පත් භාවිතයෙන් a) ගණිත කටයුතු සිදු කළ හැකිය b) ලේඛන සංස්කරණය කළ හැකිය c) ඡායාරූප චලනය වන සේ සකස් කළ හැකිය d) විද්‍යුත් ලිපි යැවිය හැකිය 13) වදන් සැකසුම් මෘදුකාංග සඳහා උදාහරණයක් නොවේ a) Open office writer b) I work pages c) Microsoft office word d) Microsoft office Excel 14) යතුරු පුවරුවේ ඇති අකුරු හා ඉලක්කම් a) කාර් යතුරු ගණයට අයත් වේ b) අනුලක්ෂණ යතුරු ගණයට අයත් වේ c) මෙහෙයුම් යතුරු ගණයට අයත් වේ d) සංචලන යතුරු ගණයට අයත් වේ 15) සංඛ්‍යා යතුරු තලයට අයත් වේ a) Ctrl key b) Page down key c) Numeric keys d) Home key 16) Caps Lock යතුරු මගින් a) සාමාන්‍ය පරිදි යතුරුලයනය වේ b) ඉංග්‍රීසි කැපිටල් අකුරු යතුරු ලියනය වේ c) විශේෂ කාර්යයක් ඉටු කරයි d) වෙබ් පිටුවක් මත එහා මෙහා යා හැකිය 17) යතුරු පවරු පුහුණු මෘදුකාංග මගින් a) වේගයෙන් යතුරුකරණය සිදුකළහැකිවේ b) අනාගත රැකියා සඳහා ප්රයෝජනවත් වේ c) කාලය ඉතිරි කර ගත හැකිය d) ඉහත සියල්ලම 18) ස්පර්ශය යතුරු කරනය යනු a) යතුරු පුවරුවදෙස නොබලා වේගයෙන් යතුරු හැසිරවීමයි b) යතුරු මෘදුව එබීමයි c) වේගයෙන් යතුරුකරණය කිරීමයි d) විවිධ භාෂාවලින් යතුරුකරණය කිරීමයි 19) යතුරුපුවරු පුහුණු මුදුකාංගයකි a) AVG b) TIPP10 c) Word star d) Perfect 20) පරිගණකයක් මිලදී ගැනීමෙදී සලකා බැලිය යුතු තාක්ෂණික පිරිවිතරයකි a) වගකීම b) අලෙවියෙන් පසු සේවය c) දෘඩ තැටියේ ධාරිතාව d) වර්ණය

Leaderboard

Visual style

Options

Switch template

Continue editing: ?